මගේ ඇසින්…

මේක සමහර විට ඔයාල දන්නවත් ඇති. දන්නෙ නැත්නම් කරලම බලන්නකො.

සාමාන්‍යයෙන් pen එකක් පෙන්නන්නෙ මේ විදියට.

ඒත් අපිට අපේ පින්තූරෙ හරි වෙනත් කැමති පින්තූරයක් හරි දා ගන්න ඕනෙ නම් …….

මුලින්ම පින්තූරෙ දාන්න බලාපොරොත්තු වෙන penඑක ( hard එකකට උනත් පුළුවන්. ) විවෘත කර ගන්න.

දැන් දාන්න බලාපොරොත්තු වෙන පින්තූරෙ ඒකට copy කරගන්න.

ඒක උඩ right click කරල open with > paint වලින් පින්තූරය open කරගන්න.

දැන් file > save as ගිහින් save as type එකට 24-bit Bitmap තෝරන්න. දැන් පින්තූරය pen එකට save කරන්න.

ඊ ලඟට පින්තූරය (පින්තූරයේ නම).ico කියල rename කරන්න.

එතකොට ඒක මෙහෙම පෙනේවි

දැන් pen එකට text document එකක් අරගෙන මේ විදියට ලියන්න.

[autorun]

icon=(පින්තූරයේ නම).ico

දැන් ඒකත් pen එකට save කරන්න.

Text document  එක autorun එකක් විදියට දිස් වේවි.

දැන් pen එක ගලවල ගහල බලන්න.

කරල බලල comment එකක් දාලම ‍යන්න.

Advertisements

Comments on: "Pen drive එකට කැමති icon එකක් දාගමු." (6)

  1. ඕනෙම JPEG file එකක් Icon file එකකට online convert කරන්න මෙන්න මෙතනිනුත් පුළුවන්….
    http://www.coolutils.com/Online-Image-Converter.php

  2. ඕනම Picture File එකක් Icon file එකකට convert කරන්න මම හදපු software එකකුත් තියෙනවා..ලේසියි කරලා බලන්න.

    Download Link :

    http://www.mediafire.com/?yt2ifhm2t2r

  3. ඇත්තටම හොදලිපියක් මීට පෙර මමත් මේගැන ලිපියක් ලියුව

    http://slbloggs.blogspot.com/2010/01/partion-icon.html

  4. නියමයි.
    මේවා පොඩි දේවල් කියල හිතුවට අපිට නං ගොඩක් ලොකු දේවල්. සමහර පොරවල් තාමත් පරිගණක සාස්තරේ හංගනවනේ. ඒක නිසා මේවත් හරිම වටින වෙලාවල් තිනෙව.
    සුභ දවසක්

  5. අයියා මේ ක්‍රමයටම
    [autorun]

    icon=(පින්තූරයේ නම).ico
    open=(Path එක).extension

    open=(Path එක).extension මේ කේතයන් පේළිය දාලා file එකක් autorun වෙන්න හදන්න පුළුවන්. මේ ලිපිය ගොඩක් වැදගත් ෂුවර්.

    @දයියා: ඔයාගෙ කතාව හරියටම හරි මමත් ඕක හොඳට දැකල තියෙන දෙයක්. ගොඩක් කම්පීටර් බුවාල ඔය පොඩි පොඩි ට්‍රික්ස් දන්නේ නෑ

  6. ආ තව එකක් තියෙනවා Pictures,Audio,Video Convert කරන්න නම් Format Factory කියල නියම භාණ්ඩයක් තියෙනවා. ඒක නම් ඔය වැඩ වලට නියමයි. http://www.formatoz.com/ මේ සම්බන්ධකයෙන් ඒ මෘදුකාංගය බාගන්න

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

ටැග් වලාව

%d bloggers like this: