මගේ ඇසින්…

Archive for the ‘‍වෙනත්’ Category

හරි පුදුමෙකි… අමුතු මලකි…

කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ ආවෙ. සිංඩියෙනුත් බ්ලොග් එක අ‍යින් කරල නෙව. මක්ක කරන්නෙ‍යි, මේ විභාගත් එක්ක ලිපි‍යක් ලියන්න ඉඩක් තිබුණ එකක්යැ……

අපි කවුරු කවුරුත් ඇන්තූරියන් මල් දැකල තියෙනවනෙ. අපේ ‍වත්තෙත් ඇන්තූරියන් මලක් පිපිල නෙව. ඇත්තටම මේක ටිකක් නෑ නෑ… ගොඩක් අමුතු මලක්. මලක් කිව්වට මේකෙ කොලයක ලක්ෂණත් තියෙනව. ඕං එහෙනං කාට කාටත් බලාගන්න පින්තූර ටිකක් දැම්ම

මුලින්ම ඇන්තූරියන් මලක් දැකපු නැති කෙනෙක් ඉන්නවනම් බලා ගන්නකො   :ඩී

මෙන්න අමුතු මල (කැමරා ශිල්පියාගේ දක්ෂතා නොසලකා හරින්න)

GIT පේපර් එක

අද GIT පේපර් එක තිබ්බනෙ, මාත් ඒ පේපර් එක ලි‍යන්න ගියා. කිව්වට මොකද මම IT දන්නෙ නෑනෙ. දන්න විදි‍යට ලියල චිත්‍ර 2ක් ඇඳල කවි 2කුත් ලිව්ව. මේ තියෙන්නෙ එක කවියක්. අනික මතක නෑ. මම කවි ලිව්වෙ මුල්ම වතාව‍ට. හොඳ නරක කියන්නකො…

පිලිතුරු ලියන්නට ප්‍රශ්නත් ඇත්තේය
ලීමට පිලිතුරු හිත තුල නැත්තේය
ලිව්වත් නැතත් ඇති සෙතකුත් නැත්තේය
කමකට නැති පේපර් මක්කට දෙන්නේද?

තව එකක්. මම පේපර් එකේ සුකොඩු කොටුවකුත් ඇඳල පිරෙව්ව. ‍ඉතුරු වෙලාවෙ පොඩ් ඇලට් එකක් දැම්ම.

blogger account 1ක් හදාගන්න උදවුවක් දෙනවද?

මටත් හිතුන blogger account එකක් හදා ගන්න. ඒත් හදන්න යනකොට phone එක‍ට code 1ක් එ‍වනව. හැබැයි මට නම් ඒක ආවෙ නෑ. වාතටෙල්, මොබියටෙල් සිම් වලට උත්සාහ කරා. ලැබෙන්නෙ නැති බවට පැමිණිලි කරත් (blogger එකට) වැඩක් උනේ නෑ. දන්න කෙනෙක් උදව්වක් කරන්නකො.

විදුලි බිල ……..

අද උදේ මට අහන්න ලැබුන, ලංකාවෙ විදුලි බිල පවිච්ච් කරන වෙලාවෙ හැටියට වෙනස් කරන්න යනව කියල. ඒත් ඒක කොච්චර දුරට ප්‍රායෝගික විසඳුමක්ද කියල කල්පනා කරල බලන්න වෙනව. මොකද අපි කවුරුත් දන්නව විදුලි බිල හදන්නෙ මසෙ අන්තිමට අපි පාවිච්චි කරපු ඒකක ගනනට. එතනදි පාවිච්චි කරපු වෙලාව බලන්න විදියක් නෑ. මොකද විදුලිය පරිගණක ගත කරන්න බෑනෙ. කොහොම උනත් මට හිතුනෙ නැති විසඳුමක් තියෙද දන්නෙ නෑ. ඔයගොල්ලො මොකද මේ ගැන කියන්නෙ?

Colombo Ride

කොළඹ වටේ 3D සමග

කොළඹ වටේ ගේම් එක ගොඩක් අය ගහල තියෙනවනෙ. ඔන්න දැන් Colombo Ride 3D සංස්කරණය නිකුත් කරන්න සූදානම් කරල තියෙනව. මේකෙදි අපි කැමති වාහනයකින් සෙල්ලම් කරන්න පුළුවන්.
මෙන්න ලින්ක් එක. හැබැයි තාම නිකුත් කරල නෑ.
http://www.games.lk/

කාලෙකට පස්සෙ

කාලෙකින් බ්ලොග් එක පැත්තෙ එන්නත් බැරි උනා. මම ඉදිරි කාලයේදි අධ්‍යපනික වශයෙන් වැදගත් ලිපි පෙලක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනව. බලාපොරොත්තුවෙන් ඉන්නකො.

ටැග් වලාව