මගේ ඇසින්…

කොළඹ වටේ ගේම් එක ගොඩක් අය ගහල තියෙනවනෙ. ඔන්න දැන් Colombo Ride 3D සංස්කරණය නිකුත් කරන්න සූදානම් කරල තියෙනව. මේකෙදි අපි කැමති වාහනයකින් සෙල්ලම් කරන්න පුළුවන්.
මෙන්න ලින්ක් එක. හැබැයි තාම නිකුත් කරල නෑ.
http://www.games.lk/

ඔක්කොටම කලින් ලබන්නා වූ අළුත් අවුරුද්ද සාමය සතුට පිරි සුභම සුභ න‍ව වසරක් වේවා කායල ප්‍රාර්ථනා කරනව.මම කලින් අහපු ගණිත ගැටළුවට හොඳ ප්‍රහිචාර ලැබිල  තිබුන නිසා ආයෙමත් ප්‍රශ්නයක් අහන්න හිතුව. කවුරු කවුරුත් උත්තරයක් දෙන්න උත්සාහ කරන්නකො.
ඉහත රූපයේ තියෙන සමචතුරස්‍ර ගණන හරියටම කි‍යන්න පුළුවන්ද?

රූපයේ ඔබ දක්න සමචතුරස්‍ර ගණන comment එකක් විදි‍හට දාලම යන්නකො.

නිවැරදි පිලිතුර 2010.04.15 වෙනිදට දාන්නම්.

හැකිනම් වරද සොයන්න.

x=y+1ලෙස ගනිමු.
එවිට,  2011x-2010x = 2011y-2010y+2011-2010
2011x-2011y-2011 = 2010x-2010y-2010
2011(x-y-1) = 2010(x-y-1)
2011 = 2010
පිළිතුර comment එකක් විදියට දාල යන්න.
(2010-04-11  වෙනිදට පිළිතුරු ප්‍රදර්ශනය කෙරේ)

කාලෙකට පස්සෙ

කාලෙකින් බ්ලොග් එක පැත්තෙ එන්නත් බැරි උනා. මම ඉදිරි කාලයේදි අධ්‍යපනික වශයෙන් වැදගත් ලිපි පෙලක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනව. බලාපොරොත්තුවෙන් ඉන්නකො.

මේක සමහර විට ඔයාල දන්නවත් ඇති. දන්නෙ නැත්නම් කරලම බලන්නකො.

සාමාන්‍යයෙන් pen එකක් පෙන්නන්නෙ මේ විදියට.

ඒත් අපිට අපේ පින්තූරෙ හරි වෙනත් කැමති පින්තූරයක් හරි දා ගන්න ඕනෙ නම් …….

මුලින්ම පින්තූරෙ දාන්න බලාපොරොත්තු වෙන penඑක ( hard එකකට උනත් පුළුවන්. ) විවෘත කර ගන්න.

දැන් දාන්න බලාපොරොත්තු වෙන පින්තූරෙ ඒකට copy කරගන්න.

ඒක උඩ right click කරල open with > paint වලින් පින්තූරය open කරගන්න.

දැන් file > save as ගිහින් save as type එකට 24-bit Bitmap තෝරන්න. දැන් පින්තූරය pen එකට save කරන්න.

ඊ ලඟට පින්තූරය (පින්තූරයේ නම).ico කියල rename කරන්න.

එතකොට ඒක මෙහෙම පෙනේවි

දැන් pen එකට text document එකක් අරගෙන මේ විදියට ලියන්න.

[autorun]

icon=(පින්තූරයේ නම).ico

දැන් ඒකත් pen එකට save කරන්න.

Text document  එක autorun එකක් විදියට දිස් වේවි.

දැන් pen එක ගලවල ගහල බලන්න.

කරල බලල comment එකක් දාලම ‍යන්න.

සූර්යග්‍රහණය

සූර්යග්‍රහණය සජීව කරඹන්න මෙ‍තෙන්ට යන්න.

http://www.accimt.lk/

මම කී සැරයක් නම් PSP එක update කරාද? ඒත් මෙච්චර කාලෙකට වැදගත් වෙනසක් නම් වුණේ නෑ. 5.50 ‍ට පස්සෙ update කරන එක නැවැත්තුවෙත් ඒ නිසාමයි. කාලෙකට පස්සෙ කොල්ල 6.20 ට update කරා. ම‍ම නොහිතපු තරම් වෙනසක් ඒකෙ තිබුණා. ඔ‍යාලත් update කරලම බලන්නකො.

මෙතනින් update එක භාගත කරගන්න.

http://www.us.playstation.com/support/systemupdates/psp

PSP එකේ PSP > GAME > UPDATE වල‍ට ගිහින් භාගත කරගත්ත update එක paste කරන්න. දැන් psp එකෙන් ගිහින් update කරගන්න. ඒකෙ තියෙන site වලට ගිහින් ඕන ෆයිල් භාගත කරගන්න.

http://book.dl.playstation.net/book/psp/NPEG00012/

( CFW දුවන PSP වලටනම් මේක කරන්න එපා.)

ටැග් වලාව